(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී බිමල් රත්නායක මහත්වරුන් අතරේ අද (20) මැතිසබයේදී උණුසුම් බහින්බස් වීමක් ඇතිවිය.
උණුසුම් කතා බහ ඇතිවුයේ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදී බිමල් රත්නායක මහතා අදහස් දක්වමින් රාජ්‍ය ඇමති මොහාන් ලාල් ග්‍රේරු මහතාගේ යම් යම් කටයුතු විවේචන කළ අවස්ථාවේදීය.
බිමල් රත්නායක මහතා
ග්‍රේරු ඇමතිතුමා අධ්‍යාපන වෙළෙන්දෙක්. ඔබතුමා සයිටම් එක වෙනුවෙන් පෙනී සිටින එක වැරදියි.
(ග්‍රේරු ඇමතිවරයා යමක් කියයි)
බිමල් රත්නායක මහතා
ඔබතුමා වාඩි වෙන්න. මගේ කාලය ගන්න එපා. අනේ ඔබතුමා ඔය කරන වැඩේ කැතයි, කැතයි ලැජ්ජයි, ලැජ්ජයි නින්දිතයි .ඔබතුමා ඔයිට වඩා හොද වෙන රස්සාවක් හොයා ගන්න.
ග්‍රේරු ඇමතිතුමා කලක් ඔයත් ෆිසික්ස් (භෞතික විද්‍යාව) ගුරුවරයා තමයි නමුත් ඔබ මෙතන ඇත්ත කියන්න ඕනා.
ඇමති ග්‍රේරු මහතා
මෙතැන මඩ ගහන්න ලැහැස්ති වෙනවා එපා. බොරු මඩ ගහන්නේ නැතුව වාඩි වෙනවා.
බිමල් රත්නායක මහතා
ඔයා ඔයාගේ ලයිසියම් එක ගොඩ දාගන්න ඔපිස් අවේ නැද්ද? කියන්න කියන්න. ඔබතුමා අධ්‍යාපන වෙළෙන්දෙක්. එහෙම කර කර සයිටම් එක පැත්ත වාඩි වෙනවා ලැජ්ජයි, ලැජ්ජයි කැතයි, කැතයි