ඇමැති මහා මාර්ග අමාත්‍යංශයේ ලොක්කන්ට ඉවත් වෙන්න කියයි


(යොහාන් භාසුර)

මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එම අමාත්‍යංශය යටතේ පවතින සියලුම ආයතනවල සභාපතිවරු ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයන්ට ඉවත් වන ලෙස දැනුම්දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම අමාත්‍යංශය යටතේ පවතින මග නැගුම හා යන්ත්‍රෝපකරණ සමාගම, මාර්ග සංවර්ධන අධිකාරිය, මග නැගුම උපදේශන සමාගම සහ අධිවේගී මාර්ග ප්‍රවාහන සමාගම යන ආයතනවල ප්‍රධානීන් ඉදිරියේදී ඉවත්වීමට නියමිත බව ද දැනගන්නට තිබේ.