ඇමැති මර්වින්ගෙන් තරවටුවක්
‘‘කැලණියේ පාසල්වලට විරුද්ධව පෙත්සම් අත්සන් කර වැඩ වරද්දා ගන්න එපා. පාතාලේ වැඩට ඉඩ නැහැ. කැලණියේ චණ්ඩියාත්, දේශපාලකයත්,ඇමැතිත් මමයි’’ යනුවෙන් මහජන සබඳතා ඇමැති මර්වින් සිල්වා මහතා කැලණිය ධර්මාලෝක විදුහලේ දී පැවැසීය. පිරිසක් පාසලේ නමට හානිදායක ලෙස කටයුතු කරතියි සිසුන් කිහිපදෙනකු කී කතාවක් අසා ඇමැති එසේ කීවේය.

