ඇමැති මර්වින් අපත සීනි තොගයක් අල්ලයි


කැලණියේ පෙතියාගොඩ සීනි ගබඩා දෙකක එකතු වන අපත සීනි හෙවත් අතු ගා ඉවත දමන සීනි අලෙවි කරතියි ලැබුණු පැමිණිල්ලක් අනුව මහජන සබඳතා ඇමැති මර්වින් සිල්වා මහතා එහිගොස් සීනි විනාශ කරන ලෙස කැලණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධරයනට උපදෙස් දුන්නේය. එක් ගබඩාවකට සීල් තැබූ වෛද්‍ය වසන්ත රාජපක්ෂ මහත්මිය සීනි සාම්පල රජයේ රජ පරීක්ෂණ වෙත යැමීමට ද පියවර ගත්තාය.