ඇමැති බිරියක ආරක්ෂාව ඉල්ලයි


ඇමැතිවරයකුගේ බිරියක  පොලිස්පතිට ලිපියක් යවමින් තමාගේ ආරක්ෂාව සලසන ලෙසත් තම සැමියාට එරෙහි අල්ලස් චෝදනා විභාග කරන ලෙසත් ඉල්ලා සිටින්නීය.

අල්ලස් හෝ දුෂණ කොමිසමට යැවුණු පැමිණිල්ලක් සම්බන්ධයෙන් තම සැමියා  තමා සැක කරතියි ඇය පොලීසියට කියා ඇත.

හෙළි නොකළ මහා ධනයක් ඇමැති විසින් හිමි කැර ගන්නා ළදැයි කියන ආකාරය පිළිබදව සවිස්තරව එම ලියැවිල්ලේ සදහන් වෙතියි කියති.

ඇමැති තම බිරිය ගැන සැක කරනුයේ එම ලිපියේ සදහන් කරුණුම  දික්කසාද නඩුවේ කරුණු ලෙස  ඇය විසින් ඉදිරිපත් කැර තිබීම නිසා යැයි කියති.

තමා අල්ලස් කොමිසමට පැමිණිලි නොකළ බව ඇය කියන්නීය.