ඇමැති බන්දුලගෙන් සුපිරි සම්බා කිලෝ 10 ක්


(යොහාන් භාසුර)

අලුත් අවුරුදු උදාව වෙනුවෙන් සතොස අළෙවිසල්වලින් කිලෝවක් රුපියල් 130 ක බැගින් සුපිරි සම්බා කිලෝ 10 ක් පාරිභෝගිකයෙක්ට මිලදීගත හැකි බවත් එම වැඩපිළිවෙළ මේ මස 31 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බවත් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (26) පැවසීය.

කීරි සම්බා සහල්වලට ආදේශකයක් ලෙස මෙම සුපිරි සම්බා සතොසට හදුන්වාදී ඇති බව කී අමාත්‍යවරයා සහන මල්ලට සීනි නොගන්නා පාරිභෝගිකයන්ට ඒ වෙනුවට වැඩිපුර සුපිරි සම්බා කිලෝ දෙකක් සහන මල්ලට ලබාගත හැකි බව ද සඳහන් කළේය.

සම්බා කිලෝ 10 ක් ඇතුළත් සහන මල්ල ද මේ මස 31 වැනිදා දක්වා ලබාගත හැකි බවත් ජනතාවට සහන මිල ආහාර ද්‍රව්‍ය ලබාදීමේ වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමේ කුමන්ත්‍රණ ක්‍රියාත්මක වන බව ද කීය.