ඇමැති නාමල්ට රාජ්‍ය ඇමැති පුටුවක්


(සුජිත් හේවාජුලිගේ )

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට රාජ්‍ය අමාත්‍ය ධුරයක්ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පිරිනමනු ලැබීය.

ඔහුට මෙසේ ලබා දී ඇත්තේ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරයයි.

නාමල් රාජපක්ෂ මහතා නව රාජ්‍ය අමාත්‍ය ධූරයෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ඊයේ(3) පෙරවරුවේ දිවුරුම් දුන්නේය .

ඔහුට මෙම තනතුර පිරිනමා ඇත්තේ තරුණ හා ක්‍රීඩා කැබිනට් අමාත්‍ය ධුරයට අමතරවය.