
(සුජිත් හේවාජුලිගේ)
රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න මහතාට සම්මානිත මහාචාර්ය පදවියක් පිරිනමා ඇත.
අබයරත්න මහතා කාලයක් කැලණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයකු ලෙස කටයුතු කළේය.
අභයරත්න මහතා අධ්‍යයන හා පරිපාලන ක්ෂේත්‍රවල ඉටුකරන ලද විශේෂ සේවය අගයමට ලක් කරමින් එම විශ්ව විද්‍යාලයේ සනාතන සභාවේ සහ පාලක සභාවේ ද අනුමැතිය සහිතව පසුගිය 14 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම සම්මානිත මහාචාර්ය පදවිය පිරිනමන බව කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිනී ජේෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහතා නිකුත් කළ ලිපියක සඳහන්වේ
කැලණිය විශ්ව විද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ මූලික උපාධියත් දර්ශන විශාරද උපාධියත් හදාරා ඇති ආචාර්ය චන්දන අබයරත්න මහතා ඉතිහාසය අධ්‍යනාංශයේ අංශාධිපතිවරයා මෙන්ම සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපතිවරයා ලෙසද කාලයක් කටයුතු කළේය.

