ඇමැති කිරිඇල්ලගේ මාධ්‍ය සේවකයන් තිදෙනා අධිකරණයට


(නිමන්ති රණසිංහ)

මහජන ආරක්ෂාව සහ මහජන සාමය පවත්වාගෙන යාමට නොහැකි විය හැකි අගතිගාමී කරුණු ඇතුළත් පත‍්‍රිකා බෙදා හැරීමට සුදානම් කළැයි කියන සිද්ධියකට අදාළව රැඳවුම් නියෝග මත රඳවා තබා ගෙන සිටින අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ මාධ්‍ය අංශයේ සේවකයින් තිදෙනා මහේස්ත‍්‍රාත් නිරීක්ෂණය සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා හමුවට අද (28) ඉදිරිපත් කළේය.

1978 අංක 48 දරන ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප‍්‍රකාරව සහ අංක 2019 අංක 01 දරණ හදිසි අවස්ථා (විධිවිධාන හා බලතල) නියෝග 19 (01) යටතේ මෙම සැකකරුවන් තිදෙනා තම කොට්ඨාසය තුළ රඳවා තබාගෙන ප‍්‍රශ්න කරනු ලබන බව කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දෙනු ලැබීය.