ඇමැති උගත් කොමිසම උසාවි ගෙන යයි


උගත් පාඩම් ප‍්‍රතිසංධාන කොමිසමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන බව ඊළාම් මහජන ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ (ඊ.පී.ඞී.පී.) නායක හා ඇමැති ඩග්ලස් දේවානන්ද මහතා පාර්ලිමේන්තුවේදී අද පැවැසීය. තම සංවිධානය අවිගත් අතුරු හමුදාවකියි එම කොමිසම කියා ඇතත්, ඊට තමා දුන් පිළිතුරු ඇතුළු කර නැතැයි කී ඔහු, එම කොමිසමේ වෙනත් බොහෝ කරුණු හා එකඟ වන බව ද පැවසීය.