ඇමැති ආරක්ෂකයා කොන්ත්‍රාත්තුවට මිනී මරලා


ගල්කිරියාගම කරවිල ගලවැටි බැම්ම මත දී යතුරු පැදි කරුවකු රුපියල් ලක්ෂයක කොන්ත්‍රාත්තුවක් මත වෙඩි තබා මරා යතුරු පැදිය පැහැරගත් බව කියන පොලිස් ඝාතකයා හය මාසයකට පසුව අත්අඩංගුවට ගත් බව ගල්කිරියාගම පොලිසිය කියයි. ඇමැති ආරක්ෂක අංශයේ කොස්තාපල්වරයකු වන නාරම්මල පදිංචි මොහු අසු වී ඇත්තේ මියගිය පුද්ගලයාගේ යතුරු පැදියේ අංකය වෙනස් කැර මිතුරකුට දී තිබිය දී යැයි පොලිසිය කියයි.