ඇමැති අලුත්ගමගේට ශරීර ඇප


මධ්‍යම පළාත් මැතිවරණය සමයේ  (පසුගිය වසරේ අගෝස්තු පස් වැනි දා) ලංකා කම්කරු කොංග්‍රසයේ ආධාරකරුවකුට රොසැල්ල ටෙම්පල්ස්ටොව් වත්තේ දී පහර දුන්නැයි සැක පිට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා රුපියල් 50,000ක ශරීර ඇප හා රුපියල් 25,000ක පෞද්ගලික ඇප මත මුදා හරින ලෙස හැටන් මහේස්ත්‍රාත් අමිල ආරිසේන මහතා අද නියෝග කළේය.

වටවල පොලිසිය ඇමැතිවට එරෙහිව නඩු පවරා තිබිණි.