යාපනයට ගිය අමාත්‍ය මහින්ද අමරවීර මහතාට යළි කොළඹ පැමිණීම සඳහා ගුවන් හමුදා යානයක් ලබා දී තිබේ.
අමරවීර මහතා යාපනයට ගිය පෞද්ගලික ගුවන් සේවාවකට අයත් යානාවක් පලාලිහි ගොඩබෑමට නොහැකිවීම නිසා විනාඩි 45ක පමණ කාලයක් ගුවනේ සැරි සැරූ බව වාර්තා විය. පසුව ගුවන් හමුදා නිලධාරීන්ගේ ආරාධනාව මත ගුවන් හමුදාවට අයත් යානයකින් ආපසු කොළඹ පැමිණීමට අමාත්‍ය මහින්ද අමරවීර මහතා එකඟ වී තිබේ.
මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී දැනගත හැකිවූයේ ගුවන් හමුදාවට අයත් යානයකින් ආපසු කොළඹ පැමිණීම සඳහා අමාත්‍යවරයාට ආරාධනා කළ බවත් ඒ අනුව අමරවීර මහතා ගුවන් හමුදා යානයකින් යළි කොළඹ බලා පැමිණීමට නියමිත බවත් ය.

