(අජන්ත කුමාර අගලකඩ)
ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් සොයා බලා විසඳුම් සෙවීමට පත් කළ ඇමැති අනුකමිටුවේ වාර්තාව ලබන අඟහරුවාදා (14) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.
එම කමිටුව ඛණිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශයේ දී අද දහවල් රැස්වූ අතර කමිටු වාර්තාව අනිද්දා වන විට සකස් කර අවසන් කිරීමට හැකි වනු ඇතැයි කමිටු සාමාජිකයෙක් සඳහන් කළේය.
අර්ජුන රණතුංග, ආචාර්ය සරත් අමුණුගම, පාඨලී චම්පික රණවක සහ අනුර ප්‍රියදර්ශන යාපා යන ඇමැතිවරු එම කමිටුවේ සාමාජිකයෝ වෙති.

