(සුජිත් හේවාජුලිගේ)
ඇමැතිවරුන් තිදෙනකුට එරෙහිව ඉදිරිපත් කෙරුණු විශ්වාස භංග යෝජනා පාර්ලිමේන්තුවේ අලූත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබේ.
දෙසැම්බර් (11) දාතමින් නිකුත් කෙරුණු පාර්ලිමේන්තුවේ අලූත්ම න්‍යාය පුස්තකයට මෙසේ ඇතුළත් කරනු ලැබ තිබෙන්නේපළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා, සෞඛ්‍ය, පෝණෂ හා දේශීය වෛද්‍යඅමාත්‍ය රාජිත සේනාරත්න හා මුදල් අමාත්‍ය (හිටපු) රවි කරුණානායක මහත්වරුන්ට විරුද්ධව ඉදිරිපත් කෙරුණු විශ්වාස භංග යෝජනායි.
පළාත් පාලන මැතිවරණය නියමිත වේලාවට පැවැත්වීමට පඅපොහොසත්වීම යන චෝදනා පදනම් කරගෙන ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් 13 දෙනකුගේ අත්සනින් පළාත් සභා හා පළාත් පාලන ඇමැතිවරයාට විරුද්ධව ද බරපතළ වංචා හා දුෂණ පිළිබඳ අල්ලස් කොමිසමේ විමර්ශන මග හැරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් 39 දෙනකුගේ අත්සනින් සෞඛ්‍ය ඇමැතිවරයාට විරුද්ධව ජනතාව නොමග යවන අයවැය ලේඛනයක් ඉදිරිපත් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත‍්‍රීවරු 44 දෙනකුගේ අත්සනින් මුදල් ඇමැති (හිටපු) රවි කරුණානායක මහතාට විරුද්ධව ද මෙම විශ්වාසභංග යෝජනා ඉදිරිපත් කර තිබෙන බව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයේ සඳහන් වෙයි.
මේ පිළිබඳව ‘ලංකාදීප’ ය කළ විමසුමකදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසුවේ පක්‍ෂ නායකයින් ගන්නා තීන්දු සැලකිල්ලට ගෙන මේ සම්බන්ධයෙන් ඉදිරියේදී නිශ්චිත තීරණයක් ගන්නා බවයි.

