ඇමසන් වනාන්තරය සුරැකීම සඳහා ජී 7 රටවල නායකයින් ලබාදීමට එකග වූ ඩොලර් මිලියන 20 ක මූල්‍ය ප්‍රදානය බ්‍රසීලය ප්‍රතික්ෂේප කිරීමට සැරසෙන බව එරට ජනපති කාර්යාලය පවසයි.
මෙම ප්‍රදානය ලබාදීමට ජී 7 රටවල නායකයෝ ඊයේ එකඟතාව පළ කළහ.
බ්‍රසීලයේ ස්වාධිපත්‍යය නොසලකා එය යටත් විජිතයක් ලෙස සලකමින් ජී 7 නායකයින් ක්‍රියා කිරීම බ්‍රසීල ජනපති ජායිර් බොල්සොනාරෝ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් හෙළාදැක තිබුණි.
මෙම වසරේ ඇමේසන් වනාත්තරයේ ලැව්ගිනි කිහිපයක් ඇතිවීම සාමාන්‍ය තත්ත්වයක් බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.
ප්‍රංශ ජනාධිපති එමැනුවල් මැක්‍රොන් සිය දේශපාලන අවශ්‍යතා සඳහා මෙම ලැව්ගිනි ඇතිවීම පිළිබඳ සිදුවීම යොදා ගැනීමට උත්සාහ කරන බවට ද බ්‍රසීල ජනපතිවරයාගෙන් චෝදනා එල්ල වී තිබේ.
(-226-)

