ඇමරිකාවේ උසස් පාසලක වෙඩි තැබීමක්-17ක් මරුට


ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ පාර්ක්ලන්ඩ්හි උසස් පාසලක සිදුවූ වෙඩි තැබීමකින් සිසුන් 17දෙනකු මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

විනය සම්බන්ද හේතුන් මත එම පාසලෙන් නෙරපනු ලැබූ 19 හැවිරිදි පුද්ගලයකු විසින් මෙම වෙඩිතැබීම සිදුකරනු ලැබ ඇති බවත් ඔහු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.

රයිෆලයක් රැගෙන පැමිණි සැකකරු සිසුන් තිදෙනකු පාසලෙන් පිටතදී ද 12 දෙනකු පාසල තුළදීද ඝාත‍නය කර ඇත. තවත් දෙදෙනකු රෝහලට ගෙනයන අවස්ථාවේ මියගොස් ඇත.

වෛද්‍යවරුන් පවසන්නේ තුවාල ලැබූ අයගෙන් පස්දෙනකුගේ තත්ත්වය බරපතල බවයි.

2012 වර්ෂයේ කනෙක්ටිකට් ප්‍රාන්ත පාසලක සිදුවූ වෙඩි තැබීමකින් ළමුන් 20දෙනකු මියගිය අතර ඉන්පසුව පාසලක සිදු වූ භයානකම වෙඩිතැබීමේ සිද්ධිය මෙය බව බලධාරීහු පවසති.


(රොයිටර් ඇසුරිණි - 085)