ඇමරිකානු යුද ගුවන් යානයක් කඩා වැටී නවයක් මරුට



                                                                      
ඇමරිකාවේ ජෝර්ජියා ප්‍රාන්තයේදි යුද හමුදාවට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානාවක් කඩා වැටීමෙන් 9 දෙනෙක් මිය ගොස් ඇතැයි බලධාරීහු පවසති.
 
පුහුණු මෙහෙයුමක් සඳහා ගමන් කරමින් සිටි යානය වරාය නගරයක් වන සවාන්නා ආසන්නයේ පිහිටි අධිවේගී මාර්ග හුවමාරු ස්ථානයකට කඩා වැටී ඇත.
 
කඩා වැටුණු යානය ගිනිගෙන සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවත් මියගිය අය අතර කාර්ය මණ්ඩලයේ පස් දෙනකු හා මගීන් හතර දෙනකු සිටි බවත් ගුවන් ආරක්ෂණ සමාගම පවසයි.
 
අනතුර සම්බන්ධව තොරතුරු රැස් කරමින් පවතින බවත් මියගිය අයගේ ඥාතීන් වෙත සිය බලවත් කණගාටුව පල කරන බවත් ඇමරිකානු ජනපතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා ඇත.
 
(බිබිසි ඇසුරිනි - 085)