සාම්පූර්හි නැවත පදිංචි කිරීම් ඇතුළු පුනරුත්තාපන කටයුතු හා අධ්‍යාපන කටයුතු සඳහාද ඇමරිකා ඩොලර් මිලියනයක් (රුපියල් එක් කොටි තිස් දෙලක්ෂයක්) ලබාදීමට ඇමරිකා රජය කටයුතු කරන බව දකුණු හා මධ්‍යම ආසියා කටයුතු පිළිබඳ ඇමරිකා සහකාර රාජ්‍ය ලේකම් නිෂා බිස්වාල් පැවසුවාය.
අද (25) ශ්‍රී ලංකාවට පැමිණි ඇය විදේශ ඇමැති මංගල සමරවීර මහතා හමුවීමෙන් පසු පැවැති මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළාය.
විජයදාස රාජපක්ෂ අධිකරණ අමාත්‍යවරයා සහ ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් සහ කම්කරු කටයුතු පිළිබඳ සහකාර ලේකම් ටොම් මැලනොස්කිද එම අවස්ථාවට එක්වූහ.
ඡායාරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා







