(අංජුල මහික වීරරත්න)
ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය අද (4) පස්වරුවේ අරලියගහ මන්දිරයට පැමිණ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.
රාජ්‍ය අමාත්‍යවරිය මෙසේ අරලියගහ මන්දිරයට පැමිණියේ කොළඹට පැමිණි වහාම තමා හමුවන්නැයි අග්‍රාමාත්‍යවරයා ඊයේ (3) කළ දැනුම් දීමකට අනුවය.
යාපනය වීරසිංහම් උත්සව ශාලාවේ පැවති උත්සවයකදී විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප්‍රකාශය පිළිබඳව මෙහිදී අග්‍රාමාත්‍යවරයා දීර්ඝ වශයෙන් කරුණු විමසා ඇති බව දැනගන්නට ඇත. කෙසේ වෙතත් මෙම හමුවේදී සකච්ජා වූ කරුණ පිළිබඳව මේ වන තුරු මාධ්‍යට ප්‍රකාශයක් නොකෙරිණි.