නාලක සංජීව දහනායක
කැබිනට් සංශෝධනයේදී යළිත් වරක් රාජ්‍ය අමාත්‍ය ධූරයක දිව්රුම් දීම සඳහා තමන්ට ආරාධනා ලැබුණු බැවින් ඇමතිවරුන් දිව්රුම් දෙන අවස්ථාවට තමන් සම්බන්ධ නොවූ බව නීතිය හා සාමය දක්‍ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ මහතා ලංකාදීපයට පැවැසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් වන තමාට මෙවර කැබිනට් සංශෝධනයේදී අනිවාර්යයෙන්ම කැබිනට් අමාත්‍යධූරයක් දීම ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කල්පනා කළානම් එය හොඳ බවද ඔහු කීය.
රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවැසීය.
මම මන්ත්‍රීවරයෙක් වුනේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේදියි. එදා ඉඳලා මේ වෙනකම් දෙවරක් රාජ්‍ය අමාත්‍යවරයෙක් ලෙස දිව්රුම් දුන්නා. මෙවරත් රාජ්‍ය අමාත්‍යධූරයක දිව්රුම් දෙන්න මට එන්න කියලා තිබුණා. මම කැබිනට් ඇමතිකමක් බළාපොරොත්තු වුනා.
වෙනසක් නොවුන නිසා මම ගියේ නැහැ. මම රාජ්‍ය ඇමතිකම ගත්තේ පළාත් පාලන මැතිවරණයේදී පොඩි හයියක් ගන්නයි. මුකුත්ම කරන්න ලැබුනෙ නැති නිසා මේ රාජ්‍ය ඇමතිකම් වලින් වැඩක් නැහැ.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් කැබිනට් ඇමතිකමක් හිමිවිය යුතු පළමු කෙනා මමයි. එක දාගන්න විතරක් මම පක්‍ෂය තුළ දේශපාලනය කළේ නැහැ. ජනාධිපතිවරයාට උදව් කිරීම නිසා මට මාස කිහිපයකට කැබිනට් ඇමතිකමක් හිමිවුණා. ජනාධිපතිතුමයි මමයි 1989 දි එකට පාර්ලිමේන්තු ආවා. අපි සමකාලීනයෝ. ශ්‍රී ලංකා එකේ ඇමතිවරුන් හය දෙනෙක් කැබිනට් ඇමතිකම් වලින් අයින් වුන නිසා තමන්ට කැබිනට් ඇමතිකමක් දීමට හැකියාවක් තිබූ බවද පැවසීය.