සුජිත් හේවාජුලිගේ
‘‘වෙළඳපොළේ රුපියල අවප්‍රමාණය වීම දේශපාලන බල වුවමනාවකට කවුරු හරි කරපු ප්‍රහාරයක් වෙන්න පුළුවන්. කවුරු හරි ආර්ථිකයට එහෙම සවුත්තු වැඩක් කරලා තියෙනවනම් දඬුවම් දෙනවා‘‘ යැයි ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවැසීය.
රාජ්‍ය ඇමතිවරයා මේ බව පැවසුවේ කොළඹ එම අමාත්‍යංශයේදී අද (27) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙසේද කීය.
‘‘සමහර දේශපාලන බල වුවමනාවන් තියෙන අයට අවස්ථාවාදී විදිහට මේ වගේ දෙයක් කරන්න පුළුවන් . ඒ වගේ වෙළඳපොළ හැසිරවීමක් කරන්න පුළුවන් . කවුරු හරි ගේම් එකක් ගැහුවද කියලා අපි හොයලා බලනවා. එහෙම කරපු බවට ඔප්පු වුණොත් දැඩි දඬුවම් දෙනවා‘‘