( නාලක සංජීව දහනායක)
ආරක්‍ෂක රැකවලූන් ලෙස පාතාල සාමාජිකයන් පස්දෙනෙක් යොදාගත් බවට චෝදනා එල්ලවන ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අමාත්‍යධූරයෙන් ඉවත්කර ඔහුට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරන්නේදැයි අග‍්‍රමාත්‍යවරයා වහාම ප‍්‍රකාශ කළ යුතු යැයි ඒකාබද්ධ විපක්‍ෂය සඳහන් කරයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් නෙත් නිව්ස් වෙබ් අඩවිය සහ ලංකාදීප පුවත්පත ඊයේ (17) වැනිදා ප‍්‍රවෘත්ති පළකර තිබූ බවත්, අදාල ප‍්‍රවෘත්තිය ගලවා දමන ලෙස අමාත්‍යවරය විසින් නෙත් නිව්ස් වෙබ් අඩියේ මාධ්‍යෙවිදීන්ට තර්ජනය කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී පද්ම උදයශාන්ත ගුණසේකර මහතා අද (18) පැවසීය.
මන්ත‍්‍රීවරයා මෙසේද කීය.
මෙරට ක‍්‍රියාත්මන කේරළ ගංජා ව්‍යාපාරයට සම්බන්ධ ජාවාරම්කරුවන් පිරිසකට රජයේ අමාත්‍යවරයකුගේ සහය ලැබෙන බවට නෙත් නිව්ස් වෙබ් අඩවියේ පළවූ ප‍්‍රවෘත්තිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී වාද විවාද ඇතිවුණා. හේවාවසම් අත්තනායකලාගේ අරුණ ශාන්ත නොහොත් පොලිස් නැමැති පාතාල සාමාජිකයා සරත් ෆොන්සේකා මහතාගේ උත්සව කිහිපයක සිටින ඡායාරූප ඒ වෙබ්අඩවියේ පළවුණා. ඒ සියල්ලම නෙත් නිව්ස් වෙබ් අඩවියෙන් ගළවා දමන ලෙස මෙම අමාත්‍යවරයා විසින් බලපෑම් කරන බවත් අපට තොරතුරු ලැබී තිබෙනවා.
එමෙන්ම රජයේ එක්තරා ඇමතිවරයෙක්ට පාතාල සාමාජිකයන් පස්දෙනෙක් ආරක්‍ෂකයන් ලෙස සිටින බව (17) ලංකාදීප පුවත්පතේ පළවී තිබුණා.
මේ ගැන මම පාර්ලිමේන්තුවේදී ප‍්‍රශ්න කළා. ඇමතිවරයාගේ තරාතිරම නොබලා තීන්දු තීරණ ගන්නා අගමැතිවරයා පැවසුවා. කේරළ ගංජා තොගයක් සමඟ ගිහාන් සඳරුවන් නැමැති පුද්ගලයකු පෑලියගොඩ නීතිය බලගැන්වීමේ ඒකකයෙන් අත්අඩංගුවට ගත්තා. ඔහුව නිදහස් කරන්න බලපෑම් කළ ඇමතිවරයා පිලිබඳව ආණ්ඩුව හෙළිදරව් කළ යුතුයි.
ඒකාබද්ධ විපක්‍ෂය විසින් බොරැුල්ල, ආචාර්ය එන්.එම් පෙරේරා කේන්ද්‍රයේ අද (18) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
(ඡායාරූපය - ඉෂාන් සංජීව)