ඇමති නිමල් දෝෂාභියෝගය ගැන කියයි
ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය වැරදි කාරිය කරමින් දෝෂාභියෝග තීන්දුව ප්‍රකාශයට පත් කළ කමිටුවේ කරුණු යළි සලකා බැලීමට ජනපති විසින් ස්වාධීන කමිටුවකට පැවරීමට යාම ගැන කමිටු සාමාජික ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා ඉතාලියේ රෝම අගනුවර සිට ‘එසැණට‘ මෙසේ පිළිතුරු දුන්නේය.
ප්‍රශ්නය -ස්වාධීන කමිටුවක් පත් කිරීමට ජනපති තීරණය කිරීමේ තේරුම ඔබ ඇතුළු හත් දෙනා සිටි කමිටුව ස්වාධීන නැතැයි කීමද ?
ඇමති - ඒ ගැන මට කිසිවක් කිව නොහැකියි. අපේ වාර්තාව කතානායකට බාර දුන්නා. ජනපතිත් ඉදිරියේ දී ඒ ගැන ක්‍රියා කරාවි.
ප්‍රශ්නය - අගවිනිසුරුවරියට එරෙහිව ඇතැම් චෝදනා විමර්ශනය සදහා පිළිගත හැකි කිසිම ලියවිල්ලක් නොතිබු බව එම කමිටුවෙන් ඉවත් වූ විජිත හේරත් මහතා මාධ්‍ය හමුවේ කීවා.
ඇමති - කමිටුවෙන් ඉවත් වූ ඔවුන්ට ඕනෑම දෙයක් කිව හැකියි.

