ඇමති ජී.එල්.පීරිස් ගෙන් අතරමැදි පෙත්සමක්


( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

"කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිසම් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය , ජනතා විමුක්ති පෙරමුණ හා සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් ගොනු කර ඇති විශේෂ පෙත්සම්වලට එරෙහිව මැදිහත් වී කරුණු දැක්වීමට අවසර ඉල්ලා අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්, මහතා ඇතුළු පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අතරමැදි පෙත්සම් ගොනු කර ඇත.

අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමය ඇතුළු පාර්ශව රැසක් අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර සිටිති.

වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම් සලකා බැලීම මේ වන විට  පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ සිදු කෙරමින් පවතී..