
(මනෝප්‍රිය ගුණසේකර)
අධිකරණයේ කටයුතු විවේචනය කරමින් කැබිනට් ආමාත්‍යවරයකු පාර්ලිමෙන්තුවේදී කරන ලද චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය කැළඹීමට පත්ව සිටින බව එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
අධිකරණයේ ස්වාධීනත්වයට එරෙහිව කරන ඕනෑම ආකාරයක අයුතු මැදිහත්වීමක් අතිශය බැරෑරුම් වන බවත් එයින් මහජන විශ්වාෂය පළුදු විය හැකි බවත් සඳහන් කර ශ්‍රී ලංකා නීතීඥ සංගමය නීතීය කෙරෙහි ඇති මහජන විශ්වාෂය පළුදු වන ආකාරයේ ප්‍රකාශය නිකුත් කිරීම හෙළා දකින බවද වැඩි දුරටත් සඳහන් කර ඇත.
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති කෞෂල්‍ය නවරත්න උප සභාපති ජනාධිපති නීතීඥ නලින්ද ඉන්ද්‍රතිස්ස භාන්ඩාගාරික චමත් කුමාර ජයසේකර සහ උප ලේකම් මිහාන් කරීම් යන මහත්වරුන්ගේ අත්සනින් නිකුත් කළ එම නිවේදනයේ මෙසේද සඳහන් කර ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහා අතුරු පාලක මණ්ඩලයක් පත් කිරීම සහ අභියාචනාධිකරණ විනිසුරුවරයකුගේ ක්‍රියා පිළිවෙල සම්බන්ධයෙන් කැබිනට් අමාත්‍යවරයකු පාර්ලිමෙන්තුවේදී චෝදනා මුඛයෙන් කළ කරුණු දැක්වීම් සම්බන්ධයෙන් කණස්සල්ල පළ කරන ශ්‍රී ලංකා නීතීඥ සංගමය නීතීයේ පාලනයේ ප්‍රධාන මුලධර්මය වන්නේ අධිකරණයේ ස්වාධීනත්වය බවද අවධාරණය කර ඇත.
නිදහස් සමාජයක නීතීයේ පාලනය පවත්වා ගැනීමට නම් අධිකරණයේ ස්වාධීනත්වය තිබිය යුතු අවශ්‍යම මුලික කාරණයක් බව තම පිළිගැනීම බවත් නඩු විභාගයන් වලදී අපක්‍ෂපාතීව කරුණු මත පදනම්ව තීන්දු දීම සඳහා විනිසුරුවරුන්ගේ කාර්ය බාරයට කිසිඳු පීඩනයකින් හෝ විශේෂයෙන් රජයේ මැදිහත්වීමකින් තොරව කටයුතු කිරීමටට හැකියාව ඇති බවද අවධාරණය කරන නීතීඥ සංගමය පාර්ලිමෙන්තු වරප්‍රසාදවලට මුවා වී නඩු සහ විනිසුරුවරුන් පිළිබඳ කරුණු සඳහන් කිරීම අධිකරණයේ ස්වාධීනත්වයට කරන තර්ජනයක් වශයෙන් සළකන බවද සඳහන් කර ඇත.
මේ සම්බන්ධයෙන් නීතී ක්‍ෂෙත්‍රයේ දැඩි අවධානය යොමු කරන බවද නීතඥවරයකුට පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයකුට පමණක් නොව ඕනෑම සේවාදායකු වෙනුවෙන් පෙනී සීටීමට ඇති අයිතිය වෘත්තීය අයිතිවාසිකමක් වන අතර ඊට එරෙහිව එල්ල වන ඕනෑම ආකාරයක තර්ජයක් පොදුවේ වෘත්තීයට එල්ල කරන ප්‍රහාරයක් වන බවද නීතීඥ සංගමය සඳහන් කර ඇත.
විනිසුරුවරයකුගේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවල බරපතල තත්වය අනුව එහි සත්‍ය අසත්‍යතාවය හෙළි කර ගැනීම සඳහා ස්වාධීන හා අපක්‍ෂපාති පුද්ගලයින්ගෙන් යුත් කමිටුවක් පත් කළ යුතු බවත් අදාළ චෝදනා සත්‍ය බව ඔප්පු වුවහොත්, එය අධිකරණ පද්ධතියේ ඒකාග්‍රතාවයට හානියක් වන බව පෙන්වා දෙන ශ්‍රී ලංකා නීතීඥ සංගමය අදාළ චෝදනා පදනම් විරහිත වුවහොත් එය අධිකරණයේ ස්වාධීනත්වයට සහ යුක්තිය පසිඳලීමේ ක්‍රමයේ අවංකභාවයට හානි කරන බවද පෙන්වා දී ඇත.

