(ලහිරු හර්ෂණ)
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ඇප බැඳුම්කරයන්ට අත්සන් තැබීම සඳහා බන්ධනාගාර වෑන් රියකින් මීට සුළුවේලාවකට පෙර හෝමාගම අධිකරණයට රැගෙන ආහ.
ඇප බැඳුම්කරයන්ට අත්සන් තැබීම සඳහා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයේ ලේඛකාධිකාරීවරිය වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාට ෆැක්ස් පණිවිඩයක් මගින් ලබා දුන් දැනුම්දීම අනුව බන්ධනාගාර නිලධාරීන් විසින් ඥානසාර හිමියෝ අධිකරණයට ගෙන එනු ලැබුහ.