ඇප නැතිව පුත්තලමේ කණ්ඩායමක් ප්‍රතික්ෂේප වෙයි


ජුඩ් සමන්ත 
 
පළාත් පාලන මැතිවරණයට පුත්තලම දිස්ත්‍රික්කයෙන්  නාම යෝජනා බාර දී  තිබූ   කණ්ඩායම් කීපයක අපේක්ෂකයින්ගේ නාම  යෝජනා ප්‍රතික්ෂේප වී ඇති බව පුත්තලම තේරීම් බාර නිලධාරී එන්.එච්.එම්.චිත්‍රානන්ද මහතා පැවසීය.
 
අද දහවල් නාම යෝජනා බාර දීමෙන් අනතුරුව පැවති විරෝධතා  දැක්වීමේදී මෙම ප්‍රතික්ෂේප වීම සිදුවී ඇත.
 
නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවට මොහොමදු ශනීෂ් මොහොමඩ් රෂිමිගේ නායකත්වයෙන් ස්වාධීන කණ්ඩායමක් ලෙස  බාර දී තිබූ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වී ඇත. ඊට හේතුව වී ඇත්තේ එම කණ්ඩායම ඇප මුදල් තැම්පත් නොකිරීමය.