ඇප දෙන්න කවුරුත් නෑ : කොණ්ඩයා යළිත් හිරගෙදර


කොණ්ඩයාට ඇප දීමට කිසිවකු ඉදිරිපත් නොවූයෙන් ඔහු යළිත් මහර බන්ධනාගාරයේ රඳවා තබන ලෙස ගම්පහ මහේස්ත්‍රාත් ටිකිරි කේ.ජයතිලක මහතා නියෝග කළේය.

අද ගම්පහ අධිකරණය කොණ්ඩයා නොහොත් දුනේෂ් ප්‍රියශාන්ත රුපියල් 50,000 බැගින්වූ ශරීර ඇප දෙකක් මත නිදහස් කිරීමට අවසර දුන්නේය.