ඇප දෙන්න ඇවිත් ඉල්ලන් කයි


සැකකරුවකුට ඇප දීමේ බලාපොරොත්තුවෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් උසාවියට ආ පුද්ගලයකු උසාවියට බාධා වන අයුරින් රිමාන්ඩ් සිරකරුවකු සමග මහ හඬින් කතා කිරීමේ වරදට බරපතල වැඩ සහිතව දින 14ක් සිර ගෙට නියම කරන ලෙස මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.

කොළඹ කොම්පඤ්ඤවීදියේ මොහොමඩ් නූර්දීන් නම් වූ ඔහුට රුපියල් 3000ක දඩයක් ද නියම විය.

ඔහු අත්අඩංගුවට ගන්නැයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළ පසු ඔහු ටික දුරක් දිවූ නමුත් ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය.