ඇප දුන්නත් ඇතුළේ


රජරට විශ්ව විද්‍යාලයයේ උපකුලපති මහාචාර්ය රංජිත් විජයවර්ධන ඇතුළු 12 දෙනකු බලයෙන් දවසකට ආසන්න කාලයක් රඳවා ගත්තැයි රිමාන්ඩ් කැර සිටි එම විදශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු ශිෂ්‍ය ශිෂ්‍යාවන් 31 දෙනකු ඇප මත මුදා හරින ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් යුරේෂා තුලානි ද සිල්වා මෙනවිය නියෝග කළාය.

සැකකාර සිසුන්ට ලක්ෂ දෙක බැගින් ශරීර ඇප නියම කළ මහේස්ත්‍රාත්වරිය අැපකරුවන් සැකකරුවන්ගේ ළඟම  ඥතීන් විය යුතු බවට ද නියෝග කැරිණි.

ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවූයෙන් සැකකාර සිසුහු නැවත රිමාන්ඩ් කරනු ලැබූහ.