(නිමන්ති රණසිංහ)
මින් වසර දෙකකට පෙර විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටදී විරෝධතාවක් සිදුකර මහජන පීඩා සිදුකළැයි කියන සිද්ධියකට අදාළව ඇප කොන්දේසි කඩ කළ සෞන්දර්ය විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ආත්මා ප්‍රියදර්ශන ලබන 09 වැනි දා තෙක් රිමාන්ඩ් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ මහතා අද (26) නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළව අධිකරණය මගින් නියම කළ ඇප කොන්දේසි කඩකරමින් දෙවතාවක් අධිකරණයේ පෙනී නෙසිටීම හේතුවෙන් සැකකරු මෙලෙස රිමාන්ඩ් කිරීමට නියෝග කරනු ලැබුවේ සැකකරු අද අධිකරණයේ පෙනී සිටි අවස්ථාවේදී ය.

