ඇඳුමේ සඟවා ලක්ෂයකට අධික මත් පෙති ගෙන ගිය අයෙක් අත්අඩංගුවට


බිමල් ෂ්‍යාමන් ජයසිංහ 


මාර්ග  බාධක මගහැර  හෝමාගම සිට බඩෝවිටට යතුරු පැදියෙන් පැමිණ කුඩා පළතුරු පෙට්ටියක සහ ඇඳුමේ සඟවා මත් පෙති රැගෙන යමින් සිටි පුද්ගලයෙක් අත්තිඩිය ප්‍රදේශයේ ක්ෂණික මාර්ග බාධක යෙදී අද (30) අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස  විශේෂ යතුරු පැදිය ඒකකය කියයි .

එම පුද්ගලයා සන්තකයේ මත් පෙති 88 ක් තිබී පොලිස් බාරයට ගෙන ඇත .

මෙහි වටිනාකම ලක්ෂයකට අධික වන බව පොලීසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරු අද රාත්‍රියේ  පැවැත්වීමට නියමිත  සාදයක් සදහා මෙම මත්පෙති රැගෙන යමින් සිටි බව පොලිසිය සිදු කළ ප්‍රශ්න කිරීමේදී  අනාවරණය වී ඇත .

වයස අවුරුදු 32 ක් වන සැකකරු ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .

ගල්කිස්ස කොට්ඨාස භාර පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත ගල්කිස්ස කොට්ඨාස භාර විශේෂ යතුරු පැදි ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අසේල ප්‍රසාද් සෙනවිරත්න මහතා පරීක්ෂණ පවත්වයි.