ඇඳුම් හොරාට පොලිසිය අන්දන්න බැරිවෙයි


පානදුර වත්තල්පොළ ඇඟළුම් කම්හලක ලක්ෂ 5ක නිමි ඇඳුම් සොරාගෙන ගල්කිස්ස ප්‍රදේශයේ අලෙවි කළ අයකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

පානදුර උතුර පොලිසිය කළ විශේෂ මෙහෙයුමකින් පසු සොරාගත් ඇඳුම් තොගයක් සමග සැකකරු අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහු ඇඟළුම් කම්හලේ සුළං කවුළුවකින් ඇතුළුවී මෙසේ සිවුවතාවකදී පමණ ඇඳුම් සොරකම් කර ඇතැයි අනාවරණය වී ඇත.

webclothes_2015913DSC07326 webclothes_2015913DSC07326-pic2