(එච්. චන්දන )
ඇඳිරි නීතිය පවතින අවස්ථාවේදී යාච්ඥා මෙහෙයකට සහභාගි වූ බව කියන 06 දෙනෙකුව අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැරීමට කටයුතු කළ බව දංකොටුව පොලීසිය කියයි.
ඊයේ (04) වැනිදා සවස දංකොටුව - මෝරුක්කුලිය ප්‍රදේශයේදී මෙම පුද්ගලයින් 6 දෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
දංකොටුව - මෝරුක්කුලිය ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වා ගෙන යන යාඥා මධ්‍යස්ථානයක් තුළ කිසියම් පිරිසක් ආගමික කටයුතු වල නිරත වන බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට තොරතුරු ලැබී ඇති අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මේ බව දංකොටුව පොලිසියට දැණුම් දී පසුව වැටලීම සිදු කර ඇත.
අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර ඇති පිරිස අතර යාච්ඥා මධ්‍යස්ථානය පවත්වා ගෙන ගිය දේව ගැතිවරයා , ඔහුගේ බිරිඳ දරුවන් දෙදෙනා සහ පිටස්තර පුද්ගලයෙකුද වන බව පොලිසිය කියයි.
සැකකරුවන් සහ සැකකාරියන්ට එරෙහිව මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමට නියමිතව ඇත.

