රොමේෂ් මධුෂංඛ
වව්නියාව ඉරම්බයිකුලම් ප්‍රදේශයේදී නිවෙස් වෙතට ඇතුලු වී මුදල් හා භාණ්ඩ සොරාගත් කල්ලියක 05 දෙනෙකු අත්අඩංගුවට ගත් බවට වව්නියාව අපරාධ විමර්ශන අංශය පවසයි.
ඉරම්බයිකුලම් ප්‍රදේශයේ නිවෙස් කිහිපයක් වෙතට ඇතුල් වී නිවෙස්හි තිබූ මුදල් හා රුපියල් ලක්ෂ ගණනක් වටිනා භාණ්ඩ සොරාගත් බවට වව්නියාව අපරාධ විමර්ශන ඒකකයට ලැබුනු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් සිදුකරන ලද පරික්ෂණයකදී සොරාගත් භාණ්ඩද සමගින් සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.
එහිදී සොරාගත් භාණ්ඩ වව්නියාව තේක්කවත්ත ,කෝවිල්කුලම්, මහරම්බකුලම්, කට්කුලි, නෙලුක්කුලම් යන ප්‍රදේශයන්හි සඟවා තිබියදී සොයාගැනීමට පොලීසිය සමත් විය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 18 ත් 15 ත් අතර වයස්හි පසුවන වව්නියාව මහරම්බකුලම්, සූසෙයිපිල්ලයාර් කුලම්, තේක්කවත්ත හා නෙල්ක්කුලම් යන ප්‍රදේශයන්හි පදිංචි කරුවන් වන අතර එම පිරිස වව්නියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

