ඇඳිරිය සමයේ රාති‍්‍රයේ සැරිසරන පිරිස් අත්අඩංගුවට ගන්න බුද්ධි අංශ යොදවයි


ඉන්දිකා  රාමනායක

නිරෝධායන ඇදිරි නීතිය උල්ලංඝනය කරමින් කොළඹ නගරයේ සහ තදාසන්න ප‍්‍රදේශ වල පිහිටි මහල් නිවාසවල රාති‍්‍රකාලේ සැරිසන  පිරිස් හා එක් රැස් වෙමින් කටයුතු කරන පිරිස අත්අඩංගුවට ගැනීමට අද (3) සිට බුද්ධි අංශ යොදවා ඇති බව  නියේාජ්‍ය පොලිස්පති   අජිත් රෝහණ මහතා පැවසීය.

මෙම පිරිස්  රාති‍්‍ර කාලයේ යම් යම් පිරිස් මෙම මහල් නිවාස වල ගත කරන බවත්, තවත් එක් රැස් වෙමින් ,   කටයුතු කරන බවටත් ලැබුණු තොරතුරු මත  මෙම පියවර ගත් බවද   අජිත් රෝහණ මහතා කියා සිටියේය.

නිරෝධායන නීතියට ගරු කරමින් එක් රැස් නොවී නිවෙස් වලට වී කටයුතු කරන ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටි බවද   අජිත් රෝහණ මහතා කියා සිටියේය.
 
මේ අතර  පවතින තත්ත්වය හමුවේ   රෝගී වන සතුන්ට ප‍්‍රතිකාර කිරීම සදහා    එම ප‍්‍රදේශ  වෙත  ගමන් ගන්නා  පශූ වෛද්‍යවරුන්ට  ඔවුන්ගේ   ජාතික හැදුනුම්පත හෝ ආයතනික හැදුනුම්පත ඇදිරී නීතිය බලපත‍්‍රයක්  වශයෙන් භාවිතා කළ හැකි බවද අජිත් රෝහණ මහතා  කියා සිටියේය.