ඇඳිරිය කැඩූ 42,810 ක් අත්අඩංගුවට


(නිමන්ති රණසිංහ)

ඇදිරි නිතීය සහ නිරෝධායන නීතිය උල්ලංඝණය කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 42810 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය සදහන් කරයි.

ඉකුත් මාර්තු මස 20 වැනිදා සිට මේ දක්වා කාලය තුළ එම පිරිස ද සමග ඔවුන් ගමන් ගත් වාහන 11, 078 ක් ද පොලිස් භාරයට ගෙන ඇතැයි ද පොලිසිය පවසයි.

මේ සම්බන්ධයෙන් ගතවු පැය 24 ක කාලය තුළ පුද්ගලියන් 709ක් සහ වාහන 218ක් ද අත්අඩංගුවට ගෙන ඇතැයි ද පොලිස් මුලස්ථානය සදහන් කරයි.