( තුසිත කුමාර ද සිල්වා)
දිවයින පුරා ක්‍රියාත්මක අඛණ්ඩ ඇඳිරිනීතිය පැවැතියදී බේරුවල පොලිස් වසමේ හෙට්ටිමුල්ල ප්‍රදේශයේ දී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහන බලපත්‍රය සඳහන් ලොරි රථයක ලීටර 20 බැගින් වූ රා අඩංගු කෑන් 11ක් නීතිවිරෝධීව ප්‍රවාහනය කරන කරන අතරතුර දී බේරුවල පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව කියයි .
මෙම ලොරි රථය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීමට පොලීසිය මගින් ලබාගත් බලපත්‍රය අවභාවිත කරමින් එළවලු රැගෙන යන මුවාවෙන් මෙම නීතිවිරෝධී රා ප්‍රවාහනය කර ඇති බව පරීක්ෂණ සිදුකරන පොලීසිය කියයි. එම ලොරි රථය කලුවාමෝදර ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් එකක් බවත් එම රා බැරල් තොගය හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පොල්වත්තක සිට රැගෙන එන බවට ලද තොරතුරක් මත පොලීසිය මෙම ලොරි රථය අත්අඩංගුවට ගෙන තිබේ.
ලොරි රථය සහ රා බැරල් තොගය මේ වන විට පොලිස් භාරයේ තබා ඇති අතර සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කර තිබේ .
කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න, කොට්ඨාශ භාර පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස යන මහත්වරුන්ගේ උපදෙස් මත බේරුවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් පත්මකුමාර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ .



