(රෝවන් පෙරේරා )
නොරච්චෝලේ සිට කොළඹ දඹුල්ලට එළවළු ප්‍රවාහනය කිරීමට ලබා ගත් ඇඳිරි නීති බලපත්‍ර උපයෝගී කර ගනිමින් කුඩු ජාවාරමේ නිරත පුද්ගලයකු ගුවන් හමුදා පාලවීය කඳවුරේ නිළධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
ඇඳිරි නීතිය පවතින අවස්ථාවේදී අතවශ්‍ය සේවා මුවාවෙන් කුඩු ජාවාරමක නිරතවූ වයස අවුරුදු 27 ක පමණ වයසේ පසුවන සැකකරුවකු අද (1) මෙලෙස අත් අඩංගුවට පත්වී ඇත.
පාලවි ගුවන් හමුදා කඳවුරේ ජංගම මුර සංචාරයේ යෙදුණු නිලධාරීන් හට ලැබුණු තොරතුරකට අනුව පුත්තලම මදුරන්කුලිය කරිකට්ටිය 16 කණුව අසළ සැක කටයුතු ලෙස ධාවනය කළ කැබ් රථය සහ රියදුරු පරීක්ෂා කිරීමේ දී සැකකරු සතුව තිබී මත් කුඩු හමුවී තිබේ.
සැකකරු සහා කුඩු ගුවන් හමුදා නිළධාරින් විසින් අත් අඩංගුවට ගෙන මුන්දලම පොලීසියට බාර දීමට කටයුතු කර ඇත.
මුන්දලම පොලීසියේ ස්ථානාධීපති ප්‍රධාන පොලිස් පරික්ෂක අසිත ලක්රුවන් මහතා පැවසුවේ මෙම කුඩු පිළිබඳ රස පරික්ෂක වාර්ථාවක් ලබා ගැනීමටත් අධිකරණ කටයුතු සිදුකිරීමටත් කටයුතු කරන බවයි.

===================================================================================



(ඡායාරූප - හිරාන් ප්‍රියංකර ජයසිංහ)

