ඇඳිරිනීතී බලපත් නැතිව ශ්‍රීපාද වන්දනාවේ ගිය අකුරැස්ස ප්‍රා.ස ඇතුළු පිරිසට දඩ


(රංජිත් රාජපක්ෂ )

ඇදිරි නිති බලපත්‍රයක් නොමැතිව සහ නිරෝධාන පනතට සහයෝග නොදක්වා ශ්‍රි පාද වන්දනාවේ පැමිණි අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ සභාපති මුණිදාස ගමගේ මහතා ඇතුළු පස් දෙනෙකුහැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ වරද පිලිගැනීමෙන් එක් සැකකරුවෙකුට රු 1600 බැගින් දඩ මුදලක් ගෙවා නිදහස් කිරිමට හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජෙ.ට්‍රොස්කි මහතා (06) දින නියෝග කළේය.
 
මෙසේ දඩ මුදල් ගෙවිමට නියම කරනු ලැබුවේ අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි මුණිදාස ගමගේ (සභාපති) දොලමුල්ලකන්කානම්ලාගේ සමිත් , පොල්ගම්පොලගේ නයනකිර්ති පුෂ්පකුමාර ,  අලංකාරගේ අනුර දේවප්‍රිය ,  ගමගේ රාමචන්ද්‍ර යන සැකකරුවෝය.

අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ සභාපති මුණිදාස ගමගේ මහතා ඇතුළු එම ප්‍රාදේශිය සභාවේ සේවකයින් සිව්දෙනෙකු ඉකුත් 3 දින අකුරැස්ස සිට  හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාදය දක්වා එම නගර සභාවේ ලොරි රථයකින් පැමිණෙන අවස්තාවේ මස්කෙලිය මවුස්සාකැලේ පොලිස් මුරපොලේදි සැකකරුවන් අත්අඩංගුවට ගෙන එදිනම මස්කෙලිය පොලිසිය විසින් සැකකරුවන් පස් දෙනාට (06) දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් වන ලෙස දැනුම් දෙමින් පොලිස් ඇප මත මුදා හැර තිබුණි.

සැකකරුවන් වෙනුවෙන් පෙනි සිටි නිතිඥයින් හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේ අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාට එම දඩ මුදල රජයේ ගාස්තුවක් වශයෙන් ගෙවිමට නියෝගයක් නිකුත් කරන ලෙසත් මස්කෙලිය පොලිස් භාරයේ තිබෙන අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ වාහනය මුදා හරින ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසය.
 
එම ඉල්ලිම සලකා බැලු මහෙස්ත්‍රාත්වරයා සභාපතිවරයාගේ දඩ මුදල රජයේ ගාස්තුවක් වශයෙන් ගෙවිමටත් මස්කෙලිය පොලිස් භාරයේ තිබෙන ප්‍රාදේශිය සභාවේ ලොරි රථය මුදා හැරිමට නියෝග කළේය.