ඇඳිරිනීතියේදී හෙරොයින් ජාවාරම් කළ දෙදෙනකු අත්අඩංගුවට


(රවින්ද්‍ර ලියනගේ )

ඇදිරි නිතිය ක්‍රියාත්මකම පැවැති කාළය තුළදි  වෙන්නප්පුව මිරිස්සන් කොටුව හා  නයිනමඩම ප්‍රදේශවලදි  හෙරෝයින් විකිණිමේ යෙදි සිටි දෙදෙනකු හෙරෝයින් සමග අද(03) දහවල් අත් අඩංගුවට ගත් බව  පොලිසිය කියයි.
 
වෙන්නප්පුව මුලස්ථාන පොලිසියට ලද තොරතුරක් අනුව මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ දුම්මලදෙනියේ පදිංචි වයස22 ක් තරුනයෙකු හා නයිනමඩම ප්‍රදේහයේ පදිංචි වසය 29 හැවිරිදි  අයෙකි.
 
සැකකරුවන් සතුව තිබු හෙරෝයින් ග්‍රෑම් 116 ක් මිලි ග්‍රෑම් 9600 හා ගංජා ග්‍රෑම් 200 ක් පොලිස් බාරයට ගෙන තිබේ.
 
හෙරෝයින් ජාවාරම් කිරිම සම්බන්දයෙන් රක්සිත බන්ධනාගාර ගතවි සිටින අයකු මෙම ජාවාරම සිදුකර ගෙන ගොස් ඇති බව පොලිසිය කියයි.

ආරච්චිකට්ටුව ප්‍රදේහයේ සිට එළවලු ප්‍රවාහනය කරන ලොරි රථයක ඉදිරිපස අතවශ්‍ය සේවා පුවරුවක් ප්‍රදර්ශණය කරමින්  ‍මෙම හෙරෝයින්   ගෙනවිත් සැකකරුවන්ට බාරදි ඇති බව  අනාවරණය වි තිබේ.
 
සිද්ධිය සම්බන්දයෙන් වෙන්නප්පුව පොලිසිය පරික්ෂණ සිදුකර ගෙන යයි.