ඇඳිරිනීතිය කඩ කළ පුද්ගලයෙක් අත්අඩංගුවට


(අනීෂා මානගේ)
 
ඇඳිරි නීතිය කඩකරමින් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි බව කියන අයකු තංගල්ල  විතාරන්දෙණිය පොලිස් මාර්ග බාධකයේදී අත්අඩංගුවට ගත් බව තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි.

 
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචි අයකු බව පොලිසිය කියයි.
 
සැකකරු අත්අඩංගුවට පත්වූ අවස්ථාවේදී බීමතින් සිටි බව ද පොලිසිය කියයි.