ඇඳිරි නීතියෙදිත් රටපුරා ඖෂධ ශාලා විවෘතයි


(රංජන් කස්තුරි)

ඇඳිරි නීතිය පවතින කාලය තුළ රටපුරා ඖෂධ ශාලා විවෘතව තැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව රෝග විනිශ්චය කාඩ්පත හා ඖෂධ වට්ටෝරුව ඇඳිරිනීති අවසර පතක් ලෙස සලකන ලෙස පොලිසියට උපදෙස් ලබාදී තිබෙන හෙයින් ජනතාවට ඇඳිරිනීති කාලසීමාව තුළ වුවද ඖෂධ ශාලාවලට යා හැකි බව එම අමාත්‍යාංශය කියයි.

ඖෂධ ශාලාවලට සේවය කරන සේවකයින්ට හා ඖෂධ ප්‍රවාහන කරන වාහන සඳහා අවසර ලැබෙන බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඇඳිරි නීතිය කාලය තුළ රෝගීන් අපහසුතාවයකට පත් නොකිරීමේ අරමුණින් රජය මෙම පියවර ගෙන ඇත.