(සමන් පාලිත නානායක්කාර)
ඇඳිරි නීතිය කඩකරමින් අද (21) හපුතලේ පිටරත්මලේ ප්‍රදේශයේ භාණ්ඩ අලෙවි කිරීම සඳහා සිල්ලර වෙළඳසැල් විවෘත කර පවත්වාගෙන ගිය වෙළෙන්දන් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බව හපුතලේ පොලිසිය කියයි.
ප්‍රදේශවාසීන් පැමිණ එම වෙළඳසැල්වලින් භාණ්ඩ මිලදී ගෙන ඇති බවටද තොරතුරු හෙළිවී තිබේ .
වෙළඳසැල් වසා අත්අඩංගුවට ගත් වෙළෙන්දන් දෙදෙනා පොලිසියට රැගෙන විත් තිබේ .
ඔවුන් දෙදෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය .
සිද්ධිය සම්බන්ධයෙන් හපුතලේ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

