(ඉන්දිකා රාමනායක)
කොළඹ ගම්පහ පුත්තලම යන ප්‍රදේශවලට නැවත පස්වරු 2ට ඇඳිරි නීතිය පැනවුවද වෙළඳසැල් වල සිටින අවසන් පාරිභෝගිකයා දක්වා වෙළෙදසැල් විවෘත කිරිමට අවසර දී ඇති බව පොලිස් අධිකාරි ජාලිය සෙනාරත්න මහතා පැවසීය.
මේ සඳහා සියලු පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුවත් කර ඇති බවද හෙතෙම කීය.
ඇඳිරි නීතිය ඉවත් කිරිමෙන් පසු භාණ්ඩ මිළ දි ගැනීම සදහා ගොස් සිටි පාරිභෝගිකයන් අනුගමනය කළ සෞඛ්‍ය පුරුදු ඉතා ප්‍රශංසනීය බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය

