(රන්න චන්ද්‍රසේන ගමගේ අනීශා මානගේ)
ගාල්ල දුම්රිය ස්ථානයේ සිට බෙලිඅත්ත දුම්රිය ස්ථානය දක්වා පැමිණි දුම්රියකට උණණ ප්‍රදේශයේදී එල්ල කරන ලද ගල් ප්‍රහාරයකින් එහි රියදුරු තුවාල ලබා බෙලිඅත්ත දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කළ බව බෙලිඅත්ත පොලිසිය පවසයි.
තුවාල ලබා ඇත්තේ එන්.ඩී. ඒ. කුමාරසිරි නමැත්තෙකි.
ඊයේ (23) රාත්‍රී 10.45 ට පමණ මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවත් ප්‍රහාරයෙන් රියදුරුගේ ඇසකට ද දුම්රියේ ඉදිරිපස වීදුරුවකට ද හානි වී තිබුණු බවත් පොලිසිය කියයි.
තුවාල වූ රියදුරු දුම්රිය නොනවත්වා දුම්රිය සහයකුගේ සහාය ඇතිව එය බෙලිඅත්ත දුම්රිය ස්ථානය දක්වා ධාවනය කර ඇති බවද පැවසේ.
බෙලිඅත්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
(ඡායාරූප - අනීශා මානගේ)




