ඇඳිරි නීතිය කාලයේ අත්අඩංගුවට ගත් පුත්තලමේ 267 කට නඩු


(ලලිත් නවරත්න)

පුත්තලම දිස්ත‍්‍රික්කයට ඇඳිරි නීතිය පනවපු දා සිට ඊයේ(23) දක්වා ඇඳිරි නීතිය කඩකිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 267 දෙනෙකුට නඩු පවරන බව පොලිසිය කියයි.

පාපැදි, රථවාහන සහ බෝට්ටු 96ක් සිය බාරයට ගත් බව පොලිසිය පවසයි.

කොරෝනා වයිරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රජය විසින් පනවා ඇති ඇදිරිනීතිය ක‍්‍රියාත්මක කාලය තුළ පුත්තලම දිස්ත‍්‍රික්කයේ හලාවත පොලිස් කොට්ඨාසයට අයත් පොලිස්ථාන 7 ක සහ  පුත්තලම කොට්ඨාසයට අයත් පොලිස්ථාන 11ක පොලිස් නිලධාරීන් විසින් මෙම අත්අඩංගවට ගැනීම් සිදුකර ඇත.

මෙම ඇදිරිනීතිය ක‍්‍රියාත්මක කාලය තුළ පාපැදි 07ක්, යතුරුපැදි 61ක්, ත‍්‍රීරෝද රථ 15ක්,  වෙනත් රථවාහන 17ක්, බෝට්ටු 02ක් පොලිස් බාරයට ගෙන ඇත.

සෙසු පිරිස සාමාන්‍ය ලෙස මාර්ගවල සැරිසැරූ පුද්ගලයින් බව පොලිසිය පවසයි. එම පුද්ගලයින්ට අයත් රථවාහන සහ අනන්‍යතාවයන් පොලිස් බාරයේ තබාගන සියලූම පුද්ගලයින්ට පොලිස් ඇප ලබාදී ඇති අතර ඔවුන් හට නඩු පවරන බව පොලීසිය පවසයි.

මෙම පුද්ගලයින්ගෙන් බොහෝ පිරිසක් විවිධ ස්ථානවලට වී මත්පැන් පානය කිරීම, විනෝදයට විවිධ ක‍්‍රීඩාවන් කිරීම,  එක්රොක්ව අල්ලාප සල්ලාපයේ යෙදීම,  ඇදිරිනීති උල්ලංඝනය කරමින් ප‍්‍රවාහන කටයුතු සිදුකිරීම කර ඇති අතර වැඩිපිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදි අදාල ස්ථාන වලින් පැනගොස් ගිය බවද පොලීසිය සඳහන් කරයි.