(මහින්ද නිශ්ශංක)
ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශ හරහා දුම්රිය ධාවනය අත්හිටුවා ඇතැයි ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනියර් දුම්රිය සංමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා අද(19) පස්වරුවේ පැවැසීය.
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ අද සවස පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළැඹි බවත්,ජනාධිපතිවරයගේ උපදෙස් මත ඇඳිරි නීතිය බලපැවැත්වෙන ප්‍රදේශ හරහා දුම්රිය ධාවනය අත්හිටවූ බවත් ඔහු කීවේය.
මේ අනුව මහව සිට පොල්ගහවෙල දක්වාත්, ගාල්ල සිට ඉඳුරුව දක්වාත් දුම්රිය කිහිපයක් පමණක් ධාවනය වන බව ද ඔහු සඳහන් කළේය. මෙම සාකච්ඡාවේදී දුම්රිය නියාමක, දුම්රිය පාලක, දුම්රිය ස්ථානාධිපති, දුම්රිය රියදුරු යන සංගම්වල නියෝජිතයෝ කරුණු දැක්වූහ.
හෙට (20) දිනයේදී පිට පළාත්වල සිට කොළඹටත්, කොළඹ සිට පිට පළාත්වලටත් දුම්රිය ගමන්වාර 46ක් පැවැත්වීමට කලින් තීරණය කර තිබිණි.

