ඇඳිරි නීතිය කඩකළ සෙබළු තිදෙනෙකු ඇතුළු 5ක් අත්අඩංගුවට


( පුෂ්පකුමාර ජයරත්න )
 
රජය විසින් පනවා ඇති ඇඳිරි නීතිය කඩ කරමින් හැසිරුණු හමුදා සාමාජිකයින් තිදෙනෙකු ඇතුළු පුද්ගලයන් පස්දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන පසුව පොලිස් ඇප මත මුදා හැරිය බව කුරුණෑගල පොලීසිය පවසයි.
   
මේ පිරිසෙන් එක් අයෙකු ඇඳිරි නීතිය නොතකමින් වැලි ප්‍රවාහනය කරමින් සිටි ලොරි රියැදුරෙකි.
 
යුද හමුදා සාමාජිකයින් තිදෙනා සිවිල් ඇඳුමින් සැරසී කුරුණෑගල නගරයේ සැරිසරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.